hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:27



නිවනට යන මඟ කුමක්දැයි විමසමින් ස්වාමීන් වහන්සේනමකට පහරදුන් බව කියන නාවික හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය සඳහන් කළා.

පසුගිය 17 වැනිදා සවස කල්පිටිය – කන්දකුලියේදී මෙම අත්අඩංගුවට ගැනීම කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනුයුක්තව කන්දකුලිය ප්‍රදේශය භාරව කටයුතු කරන නිලධාරියා බව පොලිසිය කියයි.

පහර කෑමට ලක්ව ඇති කල්පිටිය බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන නාලන්දේ ධම්මවිමල ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර සිටිනවා.

වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන දන්සලක් සඳහා තමන් වහන්සේ ආධාර එකතු කිරීමට කන්දකුලිය ප්‍රදේශයට ගිය බවත්, එම ප්‍රදේශයේ නිවෙසක පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටි සැකකරු නිවනට යන මඟ කුමක්දැයි විමසා තමන්ට පහරදුන් බවද රෝහල්ගත කර සිටින ස්වාමීන් වහන්සේ පොලිසියට පවසා තිබෙනවා.

සැකකරු කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.