hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:25



තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දි පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබිමෙන් බරපතල තුවාල ලැබු පාසල් සිසුවා  ශල්‍යකර්මයකට භාජනය කළ බවත් ඔහු මේ වනවිට දැඩි අසාධ්‍යතත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා පවසනවා.

15 හැවිරිදි වියේ පසුවන මෙම සිසුවගේ හිසට වෙඩිවැදි තිබු අතර සිසුවාගේ හිස ශල්‍යකර්මයකට ලක්කළ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.  

මෙම සිසුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මෙම පාසල් සිසුවා ඇතුළු සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිට ඇති අතර පොලිස් අණනොතකා ධාවනය කිරිම නිසා සිවිල් ඇදුමින් සැරසි සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති බව පොලිසිය පවසනවා.

මෙම පාසල් සිසුවාගේ සහෝදරයකු වන තිසර ධනංජය මෙසේ කිවේය.

“අපේ පවුලේ මමයි අක්කයි නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ඉන්නේ. මල්ලිට වෙඩිතියලා කියා දැනගන්න ලැබුනා.මම එම ස්ථානයට ගියා මල්ලිගේ හිසට වෙඩි තියලා තිබුනා. විහාරස්ථානයේ පැවැත්වෙන කඨින පිංකමට මොනර පිහිටු අහුලන්න තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ. ත්‍රිරෝද රථයෙන් තමයි මල්ලිලා ගිහින් තියෙන්නේ. පොලිසියෙන් තමයි වෙඩිතියලා තියෙන්නේ. පසුව පොලිස් නිලධාරින්ම තමයි ඔහු රෝහලට ඇතලත්කරලා තියෙන්නේ”

ලලිත් චාමින්ද