hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2022 මැයි 14, ප.ව. 9:07



නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන තිලිණ සුරේෂ් මහතාගේ නිවසකට ඊයේ මධ්‍යම රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ නිකවැරටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසටයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිලිණ සුරේෂ් මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“අපේ හඬ නිහඬ කරන්න ඔවුන් තුවක්කු උණ්ඩය භාවිතා කරනවා නම් ඒක ඔවුන්ගේ සදාචාරය ගැන කතා කරන්නම වෙන මාතෘකාවක්. හදවතින්ම කණගාටු වෙනවා ඔවුන් ඒ එල්ල කරපු ප්‍රහාරය පිළිබඳව. මගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අතරතුරේ මගේ නංගි පාඩම් කරමින් සිටියේ. නංගිගේ හිසට උඩින් තමයි ඒ වෙඩි උණ්ඩ ගිහින් තිබුණේ. තවත් කෙනෙක්ට මේ වගේ අසාධාරණයක් වෙන්න කලින් අපි මේ වෙනුවෙන් නැගී සිටින්න ඕනේ”