hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජනවාරි 04, ප.ව. 1:58



වැලිමඩ – හුණුගල්දෝව, සිල්මියාපුර ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක් වන දරුවෙක් මෙසේ මියගොස් තිබෙනවා.

මෙම ළමයා හා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවැසියන් ළමයා දැක ගැනීමට නොහැකි වූ තැන සොයා බැලීමේදී අනාරක්ෂිත ළිඳකට වැටී මියගොස් ඇති බව දැකගැනීමට හැකිවී තිබෙනවා.

මිය ගිය දැරියගේ පියා විදේශ රටක රැකියාවක නිරත වන අතර මව සමඟ නිවසේ වාසය කර තිබෙන බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධව ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක ස්ථානය පරීක්ෂණයක් සිදු කළ අතර,වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත ශරීරය බදුල්ල මහ රෝහලට යැවීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැප්පෙටිපොළ පොලිසිය මගින් සිදු කරයි.