hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 පෙබරවාරි 06, ප.ව. 11:59



ඇමරිකාව සහ ඉරානය අතර ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා අද දින ඕමානයේ මස්කට් නගරයේදී ඇරඹුණා.

මෙය හොඳ ආරම්භයක් වූ බවයි ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි කියා සිටියේ. ඇමරිකාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබුණේ නැහැ.

ඕමානය මැදිහත්කරු ලෙස ක්‍රියාත්මක වූ මෙම සාකච්ඡා එරට වෙලාවෙන් උදේ 10 සිට සවස 6 දක්වා සිදුවුණා.

ඉරානය වෙනුවෙන් අබ්බාස් අරාග්චි ප්‍රමුඛ දූත කණ් ඩායමක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටියා. ඇමරිකාව වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ්, ජැරෙඩ් කුෂ්නර් සහ මධ්‍යමදිග විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් යන අය මෙම සාකච්ඡා සඳහා එක්වුණා.