hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 7:02



ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ වුණා.

ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදුවුණු බවත්, ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.