2025 මැයි 15, පෙ.ව. 8:46
සිරියාවට එරෙහිව ක්‍රියාත්මකව තිබූ සම්බාධක ඉවත් කරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිරියානු අන්තර්වාර ජනාධිපති අහමඩ් අල් ශරා හමුවී තිබෙනවා.
සෞදි කිරුළ හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මැදිහත් වීමෙන් මෙම හමුව සිදුවුණේ සෞදි අරාබියෙදියි.
මෙය මැද පෙරදිග දේශපාලනය උඩු යටිකුරු කෙරෙන ආකාරයේ කටයුත්තක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
සිරියාවෙහි නව පාලනය ඉස්ලාමීය පසුබිමකින් පැමිණෙන්නක්. ඇමරිකාව මෙතෙක් සිරියාවේදී වැඩියෙන්ම සහය දැක්වූයේ කුර්දීන් ප්‍රමුඛ සිරියානු ආරක්ෂක බලකා සංවිධානයටයි. මේ අතර ඇමරිකානු මිතුරකු වන ඊශ්‍රායලය සිරියාවේ නව ආණ්ඩුව සමග ගැටුම් ඇති කරගනිමින් සිටියා. එවන් පසුබිමක සිදුවන මෙම හමුව සහ සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24