2025 මැයි 04, පෙ.ව. 4:19
ඔස්ට්‍රේලියාවේ මැයි 3 වනදා පවත්වන ලද මහමැතිවරණයෙන් පාලක ලේබර් පක්ෂයට අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබී තිබෙනවා.
ඡන්ද ගණන් කිරීම තවම අවසන්ව නැති නමුත් මේ වනවිට ද ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 76 සීමාව අභිබවා යමින් ලේබර් පක්ෂය ආසන 85 ක් දිනාගෙන සිටිනවා. ප්‍රධාන විපක්ෂය වන ලිබරල් පක්ෂය ආසන 33 ක් පමණක් ජයගෙන සිටින අතර විපක්ෂ නායක පීටර් ඩටන් 2001 සිට නියෝජනය කළ තම ආසනයේදී ම පරාජය වීම වැදගත් සිද්ධියක් වුණා.
ලිබරල් පක්ෂයේ අසාර්ථක මැතිවරණ ව්‍යාපාරය සහ ට්‍රම්ප්ගේ ආගමනයේ බලපෑම ලේබර් පක්ෂයට වාසිදායක වූයේ යැයි විශ්වාස කෙරෙනවා.
මෙම ප්‍රතිඵල අනුව අගමැති ඇන්තනි ඇල්බනීසි තවත් වසර තුනක කාලයක් සඳහා එම ධුරය දැරීමට හැකියාව ලබනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59