hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 16, ප.ව. 8:09



රුසියාවේ ප්‍රකට විපක්ෂ ක්‍රියාධරයකු වූ අලෙක්සේයි නවාල්නි මියගිය බව රුසියානු බලධාරීන් පවසනවා. ඔහු යමාලෝ-නෙනෙත්ස් පළාතේ රැඳවුම් භාරයේ සිටියදී මෙසේ මරණයට පත්ව තිබෙනවා.

හතලිස් හත් හැවිරිදි නවාල්නි වසර කිහිපයක් මුළුල්ලේම රුසියාවේ ප්‍රධානම විපක්ෂ ක්‍රියාධරයා ලෙස ප්‍රකටව සිටියා. රුසියානු ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ගේ දූෂණ පිළිබඳ චෝදනා හෙළි කරමින් ඔහු වසර කිහිපයකට පෙර විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා.

2020 වසරේදී ගුවන් ගමනක් අතරතුර නවාල්නි අසනීප තත්ත්වයට පත්වූ අතර එය ද වස දීමෙන් සිදුවූවක් බව චෝදනා නැගුණා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුට විදෙස් ගතවීමට අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව 2021 දී ඔහු නැවත රුසියාවට පැමිණියා. එකල සිටම ඔහු විවිධ චෝදනා මත බන්ධනාගාරගතව සිටියා.