hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 මැයි 25, පෙ.ව. 8:46



අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරය හමුවේ 18 හැවිරිදි සැකකරුද මියගොස් තිබෙනවා.

අදාළ සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි අමෙරිකා වාර්තාවල දැක්වෙන්නේ.

මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.