2024 ජූනි 04, ප.ව. 9:22
මීට ස්වල්ප කලකට පෙර පන්ජාබයේ නව දේශපාලන ව්‍යාපාරයක් අරඹමින්, ස්වාධීන සික් රාජ්‍යයක් සඳහා වන කාලිස්ථාන් ව්‍යාපාරයට නව ජවයක් ලබාදීමට උත්සාහ කළ අම්රිත්පාල් සිං ඉන්දියාවේ මහමැතිවරණයෙන් ජයගෙන තිබෙනවා.
කධූර් සහිබ් අසුනින් ලෝක් සභාවට තරග කළ අම්රිත්පාල් සිං ඔහුගේ ආසනය ජයගෙන ඇත්තේ අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්. අම්රිත්පාල් සිංට ඡන්ද 404,430 ක් ලැබී ඇති අතර දෙවැනි ස්ථානය දිනාගත් කොන්ග්‍රස් පක්ෂයේ කුල්බීර් සිං සීරා ඡන්ද 207,310 ක් ලබාගත්තා. ආම් ආද්මි පක්ෂය, ශිරෝමනී අකාලි දල්, භාරතීය ජනතා පක්ෂය ආදී අනෙකුත් පක්ෂවල සහ ස්වාධීන අපේක්ෂකයන් සිටින්නේ ඊටත් පසුපසින්.
පසුගිය සමයේ සිදුවූ සිදුවීම් හේතුවෙන්, විශේෂයෙන්ම පොලිස් ස්ථානයකට කඩාවැදීම පිළිබඳ ඇතිවූ තත්ත්වයන් ගෙන් අනතුරුව අම්රිත්පාල් සිං ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. දැනට ඔහු රඳවාගෙන සිටින්නේ අසාම් ප්‍රාන්තයේ බන්ධනාගාරයකයි. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ඔහුගේ දෙමාපියන් මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ අතර තරුණ අනුගාමික පිරිසක් ද ඊට එක්ව සිටියා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48