2024 පෙබරවාරි 15, ප.ව. 10:01
ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත්තා. ඒ ඔහුගේ සහකාරිය වන ජෝඩි හේඩ්න් සමගයි.
තම විවාහ ගිවිසගැනීම පිළිබඳ සිය X ගිණුම ඔස්සේ ඔහු ප්‍රසිද්ධ කර තිබුණු අතර ඔහුට දේශපාලකයන් වෙතින් මෙන්ම ජනතාව වෙතින් ද සුබපැතුම් ගලාවිත් තිබුණා.
මීළඟ මහමැතිවරණයට පෙර සිය විවාහ උත්සවය සිදුකරන්නේද යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නැති බවයි ඇල්බනීසි පවසා සිටියේ.
ඇල්බනීසි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2022 මැයි මාසයේදී යි. ඔහුගේ පළමු විවාහය 2019 දී දික්කසාදයකින් කෙළවර වී තිබුණා. ඒ අනුව ඇල්බනීසි ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරයට පත් වූ පළමු දික්කසාද පුද්ගලයා ලෙසත් ඉතිහාසයට එක්වුණා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48