hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 01, ප.ව. 6:21



ගාසා තීරයේ අරාබි ජාතිකයන්ට වෙනත් ප්‍රදේශයක පදිංචි වන ලෙස පොළඹවන්නේ නම් ඊශ්‍රායලයට එදෙසින් එන තර්ජනය නිම වන බව ඊශ්‍රායල මුදල් ඇමති බෙසලෙල් ස්මොත්‍රිච් පවසනවා.

ඔහු කියා සිටින්නේ මිලියන දෙකක ජනකායක් වෙනුවට එම ප්‍රදේශයේ ලක්ෂයක හෝ දෙකක ජනගහනයක් වාසය කරන්නේ නම් තත්ත්වය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි.

හමාස් පාලනය යටතේ වසන පලස්තීනුවන්ට අවශ්‍යව තිබෙන්නේ ඊශ්‍රායලය විනාශ කිරීම හෙයින් එම ප්‍රදේශයේ ජනතාවට වෙනත් ප්‍රදේශයකට යාම සඳහා පෙළෙඹවිය යුතු යයි ඔහු කියා සිටිනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයෙන් ජනයා පළවා හැරීමට සංවිධානාත්මකව කටයුතු කරන්නේ යයි මේ අතර පලස්තීන පාර්ශවයෙන් ද චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ වනවිටත් ගාසා තීරයේ නිවාස සියයට 70 කට වඩා විනාශ වී හෝ හානියට පත්ව තිබෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා සඳහන් කළා.