2023 දෙසැම්‍බර් 29, ප.ව. 11:51
ආර්ජන්ටිනාව BRICS රටවල එකමුතුවට එක්වීම සඳහා මින් පෙර ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකෙරෙන බව එරට ජනාධිපති හාවියර් මිලේයි BRICS සාමාජික රුසියාව, චීනය, ඉන් දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල නායකයන් වෙත යැවූ ලිපියකින් දන්වා ඇතැයි වාර්තා වනවා.
ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපති අල්බර්තෝ ෆර්නැන්ඩස් විසින් අගෝස්තුවේදී BRICS සඳහා එක්වීමට ලැබුණු ආරාධනය පිළිගන්නා බව සඳහන් කළා. කෙසේ වෙතත් මිලෙයි පවසන්නේ තම ආණ්ඩුව ෆර්නැන් ඩස්ගේ තීරණ සමාලෝචනය කරන බවයි.
BRICS වෙත එක්වීමෙන් ආර්ජන්ටිනාවට වාසියක් නොවන බවයි මිලේයිගේ මතය වන්නේ.
තවද, කොමියුනිස්ට් රටවල් සමග තමන් සම්බන්ධතා නොපවත්වන බව ද මිලේයි කියා සිටියා. එහෙත් ආර්ජන්ටිනාවේ පුද්ගලික අංශයට කැමති රටක් සමග වෙළෙඳාම සිදු කිරීමේ නිදහස ඇතැයි ද ඔහු කියා සිටිනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48