2023 ජනවාරි 13, ප.ව. 3:51
තලෙයිබාන් සංවිධානය මඟින් කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා තවදුරටත් පනවා ඇති තහංචි වලට විරෝධය පළකරමින් ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම මාර්තු මාසයේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර තරග මාලාවෙන් ඉවත් වී තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඕස්ට්‍රේලියානු සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබුනත් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඇතුළු වගකිවයුතු කණ්ඩායම් සමග ගැඹුරින් සාකච්ඡා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.
කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සහ රැකියා අවස්ථාවන් සඳහා තලෙයිබාන් සංවිධානය තවදුරටත් තහංචි පැනවීමට පසුගියදා කටයුතු කළ අතර ඔවුන්ට උද්‍යාන සහ ශාරීරික සුවතා මධ්‍යස්ථාන වලටද ඇතුළු වීම ද තහනම් කර තිබෙනවා.
එහෙත් මෙම තහංචි පැනවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට සූදානම් වූ තරග මාලාවෙන් ඉවත් වීමේ තීරණය ගෙන තිබෙනවා.
මෙම තීරණය ගැනීම සඳහා උදව් වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය ඕස්ට්‍රේලියානු රජයටද ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01
2026 ජනවාරි 13, පෙ.ව. 7:48