2024 ජනවාරි 03, ප.ව. 11:26
බංග්ලාදේශයේ ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රමයන් හි පුරෝගාමියා වූ ග්‍රාමීන් බැංකු ක්‍රමයේ නිර්මාතෘ මොහොමඩ් යූනුස් ඇතුළු සිව් දෙනකුට පසුගියදා එරට කම්කරු අධිකරණයක් විසින් සය මසක සිර දඬුවම් නියම කරනු ලැබුණා.
කම්කරු නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කිරීම ඊට හේතු වුණා.
යූනුස් විසින් පිහිටුවන ලද ග්‍රාමීන් ටෙලිකොම් ආයතනයේ සේවක සුබසාධන අරමුදලක් පිහිටුවීමට අපොහොසත් වූයේ යයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
ඔවුන් සිව් දෙනාම සිය නිවැරදිභාවය ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ අභියාචනා අවසන් වනතුරු සිර දඬුවම් අත්හිටවනු ලැබුණා.
යූනුස්ට එරෙහිව විවිධ කම්කරු නීති චෝදනා යටතේ තවත් නඩු ගණනාවක් පනවා තිබෙනවා. නමුත් ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ ඒවා දේශපාලන හේතු මත පැටවූ නඩු බවයි. යූනුස් අගමැති ශෙයික් හසීනා විසින් සිය විරුද්ධවාදියකු සේ සලකනු ලබනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48