2025 ජනවාරි 29, ප.ව. 2:41
ඇමරිකාවේ ජෝ බයිඩන් පාලනය රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඝාතනය කිරීමට සැලසුම් කළේ යයි ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාල්සන් චෝදනා කරනවා.
නොබෝදා සහභාගී වූ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සම්පූර්ණ යුද්ධයක් ඇති කිරීමට උත්සාහ කළ අතර ජනාධිපති පුටින් ඝාතනයට ද ඔවුන් සැලසුම් කළ බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සඳහා ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ.
අතීතයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලට අදාල ලිපිගොනු මහජනතාවට විවෘත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරණය හේතුවෙන් ඇතැම් අය කලබල වී ඇති බවත් ඔවුන් කළ කී දෑ එළි වේ යයි චකිතයෙන් සිටින බවත් කාල්සන් පවසනවා.
1960 දශකයේදී ඇමරිකාව කැළඹූ ජෝන් එෆ්. කෙනඩි, මාර්ටින් ලූතර් කිං හා රොබර්ට් එෆ්. කෙනඩි ඝාතනයන්ට අදාලව ඇමරිකානු බුද්ධි සේවා සතුව ඇති රහස්‍ය ලිපිගොනු මහජනයාට විවෘත කිරීමට ට්‍රම්ප් මෑතකදී නියෝග කළා.
න්‍යෂ්ටික බලවතකු වන රුසියාවේ නායකයා ඝාතනය වී නම් ඉන්පසු මතුවන තත්ත්වය පිළිබඳ බයිඩන් ආණ්ඩුව කල්පනා නොකළ බව ද කාල්සන් පවසනවා.
2025 පෙබරවාරි 13, පෙ.ව. 7:57
2025 පෙබරවාරි 12, ප.ව. 11:57
2025 පෙබරවාරි 12, ප.ව. 10:51
2025 පෙබරවාරි 12, ප.ව. 10:40
2025 පෙබරවාරි 12, පෙ.ව. 9:48