hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 7:52



ගාසා නගරයේ අල්-අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරය තමන් විසින් සිදු කරන ලද්දක් නොවේ යයි ඊශ්‍රායලය විසින් කරන ලද ප්‍රකාශය තමන් විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

අද ඊශ්‍රායලයේ සංචාරයකදී එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.

අල්-අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පන්සියයකට වැඩි පිරිසක් මියගිය බව සඳහන් වූ අතර ඊශ්‍රායලය පවසන්නේ ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය විසින් එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීමෙන් මෙම ව්‍යසනය සිදුවූ බවයි.

එහෙත් පලස්තීනය සහ ඉස්ලාමීය රාජ්‍යයන් ගණනාවක් ඊශ්‍රායලයේ ප්‍රකාශය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් චෝදනා කරන්නේ එය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් බවයි.