hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 15, ප.ව. 3:00



ඇමෙරිකාවේ පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ඉකුත් සතියේදී තෙවැනි වරටත් විවාහ වූ අතර කැලිෆෝනියාවේ පැවති එම විවාහ මංගල්‍යයට අනවසරයෙන් පැමිණි ඇයගේ පළමු සැමියා ඊට බාධා කරමින් කළ පීඩාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජේසන් ඇලෙක්සැන්ඩර් නැමති බ්‍රිට්නි ස්පියර්ස්ගේ මෙම පළමු සැමියා සහ ඇය අට්ගර 2004දී සිදු වූ විවාහය පැය 55කට සීමා වූවක් බව පැවසෙනවා.

අනතුරුව දෙවැනි වරට කෙවින් ෆර්ඩලයින් සමග බ්‍රිට්නි ස්පියර් 2004 දී විවාහ වූ අතර එම විවාහය 2007 දක්වා පැවත තිබෙනවා.

මීට වසර 4කට පෙර බ්‍රිට්නි මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ නලුවෙක් වන සෑම් අස්ගාරි අතර සබදතාවක් ඇති වූ අතර ඔවුන් විවාහ වන බව ඉකුත් වසර අවසාන භාගයේ දී ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඉකුත් 9 වනදා කැලිෆෝනියාවේදී 40 හැවිරිදි වියෝ පසුවන බ්‍රිට්නි සහ 28 හැවිරිදි සෑම් අතර විවාහ මංගලෝත්සවය පැවැත් වුණා.

විවාහ මංගලෝත්සවය පැවැත්වෙද්දී එහි අනවසරයෙන් ඇතුළු වූ බ්‍රිට්නිගේ පළමු සැමියා ජේසන් ඇලෙක්සැන්ඩර් ඇයගේ නිවෙස තුළම සිට වීඩියෝවක් ඉන්ස්ටර්ගැම් සමාජ මාධ්‍ය ජාලය වෙත මුදා හැර තිබෙනවා.

බ්‍රිට්නි සොයමින් ඔහු බ්‍රිට්නිගේ නිවෙස තුළින් ගමන් කරන අයුරුද පසුව විශාල මංගල උත්සව ශාලාවට පැමිණෙන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

එහිදී ජේසන් ඇලෙක්සැන්ඩර් සහ ආරක්ෂකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර බ්‍රිට්නිගේ ඇරයුම මත පැමිණි බව ජේසන් ඇලෙක්සැන්ඩර් පවසා තිබෙනවා.

“ඇය මගේ පළමු බිරිය මගේ එකම බිරිය” යැයි ඔහු පවසා තිබෙනවා. මෙසේ අනවසරයෙන් බ්‍රිට්නිගේ විවාහ මංගල උත්සවයට වැදී පීඩාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජේසන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලද අතර ඔහු එම චෝදනාවන්ට වරදකාරීත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අධිකරණය පෙරේදා (13) ජේසන්ට ඇමරිකන් ඩොලර් ලක්ෂයක බැදුම්කරයක් මත නිදහස් කළත් බ්‍රිට්නි කෙරෙන් අවම වශයෙන් යාර 100ක් දුරින් සිටිය යුතු බවට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

මෙම තහනම වසර තුනක් දක්වා බලපැවැත්වෙනවා.