2025 ජනවාරි 10, පෙ.ව. 8:57
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයට බලපා ඇති දැවැන්ත ලැව්ගිනි මේ වනවිටත් පාලනය කිරීම අසීරු වී තිබෙනවා.
කෙසේ වෙතත් එරට වෙලාවෙන් බ්‍රහස්පතින්දා දිනයේ සුළඟ යම් පමණකට අඩු වූ හෙයින් ලැව්ගිනි පැතිරීම කිසියම් තරමකට පාලනය කිරීමට හැකිව ඇතැයි මාධ්‍ය වාර්තා පවසනවා.
ලොස් ඇන්ජලිස් හි නැගෙනහිරින් හා බටහිරින් වන මෙම ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට ද වර්ග කිලෝමීටර් 125 ක ප්‍රදේශයක් විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට ද පස් දෙනකු මෙම ගින්න හේතුවෙන් මියගොස් තිබෙනවා. ඒ සමගම විශාල දේපල විනාශයක් ද සිදුව ඇති අතර 180,000 ක් දෙනා නිවාසවලින් ඉවත් කර තිබෙනවා. තවත් 200,000 ක් දෙනාට පිටවීමට අනතුරු ඇඟවීම් ලැබී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24