2024 ජනවාරි 05, ප.ව. 12:44
සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් නැවක් පැහැරගෙන තිබෙන බව වාර්තා වනවා. MV Lila Norfolk නම් වූ භාණ්ඩ ගෙනයන නෞකාව මෙසේ පැහැරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහි ඉන්දියානුවන් 15 දෙනකු සිටින බව දැනගන්නට ලැබෙනවා.
ඉන්දියානු මාධ්‍ය පවසා සිටින්නේ මෙම පැහැරගැනීම පිළිබඳ ඊයේ ඉන්දීය නාවික හමුදාවට දැනගන්නට ලැබුණ බවයි. නාවික හමුදාවේ INS Chennai නෞකාව එම පැහැරගැනුණ නෞකාව දෙසට යවා තිබෙනවා.
පැහැරගැනීම සඳහා පැමිණි පිරිසෙහි සය දෙනකු සිටින බව ද වාර්තා වුණා. අදාල නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ බව ද ඉන්දීය මාධ්‍ය පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48