2022 මාර්තු 15, ප.ව. 2:56
දකුණු දිග යුක්රේනයේ පිහිටි Mariupol නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු රුසියානු රොකට් ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් රෝහල් සේවකයින්, මව්වරුන් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවත් තුවාලකරුවන් ගණන මිට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.
මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky නිවේදනයක් නිකුත් කරමින් රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදු කළ ප්‍රහාරය හෙළා දැක තිබෙන බවයි.
බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් වලට ළමුන් යට වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24