hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජූනි 23, ප.ව. 4:31



කොළොම්බියාවේ කැරළිකාර කණ්ඩායම් අලුතින් තරුණ සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ටික්ටොක් වීඩියෝ යොදාගන්නට පටන්ගෙන ඇතැයි බීබීසී මාධ්‍ය ආයතනය පවසනවා.

කොළොම්බියාවේ FARC කණ්ඩායමෙන් බිඳී ගිය කොටස් මෙසේ පාසැල් සිසුන් සහ තරුණයින් ආකර්ශණය කරගන්නට ටික්ටොක් වීඩියෝ යොදාගනිමින් සිටිනවා. මේවා ඇතැම් සිසුන් හා තරුණයින් අතර ජනප්‍රිය වෙමින් තිබෙන බවයි බීබීසීයට අදහස් දක්වන ගුරුවරියක පවසා සිටියේ.

1964 සිට ක්‍රියාත්මක වූ මාක්ස්වාදී කැරළිකාර සංවිධානයක් වන කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ හමුදා (FARC) කණ්ඩායම 2016 දී රජය සමග සාම ගිවිසුමක් අත්සන් කළා. නමුත් එයට එකඟ නොවූ කණ්ඩායම් කිහිපයක් එයින් බිඳී ගිය අතර දැන් ඔවුන් එක් පොදු කණ්ඩායමක් ලෙස ඒකරාශී වී තිබෙනවා.