2024 අප්‍රේල් 05, ප.ව. 11:42
රුසියාවේ ඌරල් නදිය හරහා වැටී ඇති වේල්ලක ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් නිවාස 4000 ක පමණ ජනයා ඉවත් කිරීමට කටයුතු කරන බව එරට මාධ්‍ය පවසනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ ඔරෙන්බුර්ග් පළාතේ ඔර්ස්ක් ප්‍රදේශයෙන්.
මෙම වේල්ල කැඩී යාමේ අවදානම පිළිබඳ අද උදෑසන වාර්තා වූ බවත් ජනයා බස් රථ මගින් තාවකාලික නවාතැන් වෙත යැවෙන බවත් දැනගන්නට තිබෙනවා. මේ අතර බලධාරීන් වේල්ල ආරක්ෂා කරගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48