hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 12:17



කුප්‍රකට අපරාධකරුවකු සහ 1993 දිල්ලි බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව ඉන්දියාවට අවශ්‍යව සිටින පුද්ගලයකු වන ඩාවුඩ් ඊබ්‍රහීම් පාකිස්ථානයේ කරච්චි නගරයේදී රෝහල්ගත කර ඇතැයි වාර්තා වනවා.

ඔහු ඇතුලත් කර ඇති රෝහලේ ඔහු සිටින මහලේ වෙනත් කිසිදු රෝගියකු නොමැති බවත් ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මීට දින දෙකකට පෙර ඊබ්‍රහීම් රෝහල්ගත කර ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. එමෙන්ම ඇතැම් වාර්තාවන් කියා සිටින්නේ ඔහුට වස දී ඇති බවට සැක කෙරෙන බවයි. කෙසේ වෙතත් මේ කිසිදු කරුණක් මෙතෙක් පාකිස්ථාන බලධාරීන් විසින් සනාථ කර නැහැ.

1955 දී උපන් ඩාවුඩ් ඊබ්‍රහීම් මුම්බායි නගරයේ අපරාධ කල්ලි නායකයකු බවට පත්ව පසු කලෙක ඩුබායි වෙත පළා ගියා. ඉන් අනතුරුව ඔහු පාකිස්ථානයට පැමිණි බව විශ්වාස කෙරෙනවා. 1993 මුම්බායි බෝම්බ පිපිරුම් පිටිපස සිටින මහමොළකරු ඔහු බවයි සැලකෙන්නේ.

වර්තමානයේ ද ඊබ්‍රහීම් විසින් පාලනය කෙරෙන අපරාධ කල්ලි ඉන්දියාවේ පවතින බව විශ්වාස කෙරෙනවා.