hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2025 පෙබරවාරි 05, පෙ.ව. 8:41



දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණය අද දින පැවැත්වෙනවා. මෙහි ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 8 වනදා යි. දිල්ලි මැතිවරණයේදී වසර දහයක් එම ප්‍රදේශය පාලනය කළ ආම් ආද්මි පක්ෂයට භාරතීය ජනතා පක්ෂයෙන් සැලකිය යුතු අභියෝගයක් එල්ල වනවා.

දිල්ලිය ඉන් දියාවේ මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක් වුවද එහි ව්‍යවස්ථාදායකයක් තිබෙනවා. 2015 දී එහි බලය ආම් ආද්මි පක්ෂයට හිමි වූ අතර 2020 දී ද ඔවුන් එහි බලය තහවුරු කරගත්තා. ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 67 ක් 2015 දී ජයගත් ආම් ආද්මි පක්ෂය 2020 දී ආසන 62 ක් දිනාගත්තා.

පසුගිය සමයෙහි ආම් ආද්මි පක්ෂය වෙත එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන් එම පක්ෂය පිළිබඳ ජනතා විශ්වාසය කිසියම් තරමකට සෙලවී තිබෙනවා. භාරතීය ජනතා පක්ෂය විශ්වාස කරන්නේ එම පසුබිමෙහි ඔවුනට වැඩි වාසි ඇති බවයි. කෙසේ වෙතත් තවමත් ආම් ආද්මි පක්ෂය පෙරමුණෙහි පසුවන්නේ යයි ඇතැම් විශ්ලේෂකයන් පවසනවා.