hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 14, පෙ.ව. 11:15



යුක්‍රේනයට පළමු F-16 ගුවන් යානා පහ ඉදිරි මාසයක කාලය තුළදී ලබාදෙන බව ඩෙන්මාර්ක අගමැතිණි මත්තෙ ෆෙඩ්රික්සන් ඊයේ ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ යුක්‍රේනයට ආධාර ලබාදීමේ කටයුතු සඳහා නේටෝව සහ යුරෝපා සංගමය මූලිකත්වය දියයුතු බවයි. එමෙන්ම යුරෝපයේ ක්‍රියාත්මක රුසියානු “දෙමුහුන් යුද්ධ​” ගැන ද අවධානය යොමු කළ යුතු යයි ඇය සඳහන් කළා.

F-16 ගුවන් යානා සඳහා යුක්‍රේනය කලක පටන් ඉල්ලීම් කළ ද ඇමරිකා එක්සත් ජනපදය ඊට ඍජුව කැමැත්ත පළ කළේ නැහැ. එහෙත් F-16 යානා ඇති වෙනත් රටවල් ඒවා යුක්‍රේනයට ලබාදීම කෙරෙහි තම විරෝධයක් නැතැයි ඇමරිකාව මාස කිහිපයකට පෙර කියා සිටියා. ඒ අනුව ඩෙන්මාර්කය යානා 19 ක් ද නෙදර්ලන්තය යානා 24 ක් ද යුක්‍රේනයට ලබාදෙන බව පවසා තිබෙනවා.

F-16 යානා ලැබීමෙන් යුක්‍රේනයට ගුවනේ බලය ස්ථාපිත කරගැනීමට හැකි වේ යයි අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම රුසියාවෙන් එල්ලවන ග්ලයිඩ් බෝම්බ ප්‍රහාර වළක්වාගැනීමට ප්‍රමාණවත් ක්‍රමයක් නොමැති වීම යුක්‍රේනයට මහත් වූ හිසරදයක් වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: