hit counter

2026 ජූලි මස 24 වන සිකුරාදා

2024 මාර්තු 24, පෙ.ව. 11:52



යුක්‍රේනයේ ද්නීපර් ජලාශයේ වේල්ල බිඳවැටීමේ අවදානමක් නැතැයි එරට සපරෝෂියා පළාතේ ආණ්ඩුකාරවරයා පවසනවා.

පසුගියදා එම ජල විදුලි බලාගාරයට රුසියානු ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එම ප්‍රදේශයේ හානි සිදුව තිබුණා. කෙසේ නමුත් බලාගාරයේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ අතර රුසියානුවන් ඊයේ රාත්‍රියේ හර්කව් ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර අද ල්විව් වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.