hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 8:00



මොස්කව් නගරය දෙසට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතීන් සමත් වූ බව මොස්කව් පුරපති සර්ගේයි සොබ්යානින් පැවසුවා.

ඔහු කියා සිටියේ බටහිරදිග මොස්කව් හි අදින්ත්සවා හිදී මෙම ඩ්‍රෝනය බිම හෙළන ලද බවයි.

මෙහිදී කිසිදු ජීවිත හෝ දේපළ හෝ හානියක් සිදු නොවූ බව ද සොබ්යානින් කියා සිටියා.

මේ අතර අද දින මොස්කව් හි වනූකවා ගුවන් තොටුපල ස්වල්ප වෙලාවකට වසා දමන්නට ද බලධාරීන් කටයුතු කර තිබුණා.