2024 ජූලි 10, පෙ.ව. 7:02
ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායල හමුදා කඳවුරු කිහිපයක ඩ්‍රෝන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ නිදහස් කිරීමට හිස්බුල්ලා සංවිධානය කටයුතු කර තිබෙනවා.
මෙය හිස්බුල්ලා සංවිධානය විසින් මෑතකදී ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශයන් හි මූලෝපායික වැදගත්කමින් යුක්ත ස්ථානවල ඩ්‍රෝන දර්ශන නිකුත් කළ දෙවන අවස්ථාවයි. මීට ප්‍රථමයෙන් ඔවුන් හයිෆා වරාය ඇතුළු ඊශ්‍රායලයේ පිහිටි ස්ථාන ගණනාවක ද්Rඕන දර්ශන නිකුත් කළා.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු මියගිය බව ඊයේ වාර්තා වුණා. ඊට ප්‍රතිචාර ලෙස ගෝලාන් 210 ඩිවිෂන් මූලස්ථානය ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාරයක් එල්ල කළේ යැයි හිස්බුල්ලා සංවිධානය කියා සිටියා. ඊශ්‍රායලය සඳහන් කළේ වාහනයකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලද බවයි.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15