hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 31, පෙ.ව. 11:29



බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් යුක්‍රේන යුද්ධය පිළිබඳ අදහස් දක්වමින් රුසියාවට සම්පූර්ණ යුක්‍රේනයම අල්ලාගැනීම කළ නොහැකි වේ යයි කියා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ යුක්‍රේනයේ බටහිර කොටසේ ප්‍රතිරෝධය දැඩි විය හැකි බැවින් එය අපහසු වනු ඇති බවයි.

කෙසේ වෙතත් යුද්ධය දිගටම පැවතුණොත් ද්නීපර් නදිය දක්වා පැමිණීමට රුසියාව සමත් වනු ඇතැයි ඔහු පවසනවා. එම නදිය තරණය කිරීම පහසු නොවනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

සිය X ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මස්ක් පෙන්වා දෙන්නේ යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් ඔඩෙස්සා නගරය ද රුසියාව අතට පත්වීමේ ඉඩක් තිබෙන බවයි. එවිට යුක්‍රේනයට කළු මුහුද සඳහා ප්‍රවේශය අහිමි වනු ඇතැයි පෙන්වාදෙන මස්ක් කළු මුහුදු ප්‍රවේශය පවත්වාගැනීම ඉතාම වැදගත් වන බව කියා සිටිනවා. එහෙයින් එවන් ඉරණමක් අත්වීමට පෙර කිසියම් සාකච්ඡා මාර්ගයක් වෙත එළඹිය යුතු බවයි මස්ක් පෙන්වා දෙන්නේ.

ශක්තිමත් ආරක්ෂක වළල්ලකට පහරදීමට උත්සාහ කිරීම තුළින් පසුගිය වසරේදී යුක්‍රේනය නිරපරාදයේ ජීවිත ගණනාවක් විනාශ කරගත් බව මස්ක් පවසනවා. යුක්‍රේනය ආරක්ෂක උපක්‍රම පිළිබඳ වැඩියෙන් අවධානය දිය යුතු බව ඔහු එකළ ප්‍රකාශ කළ බව ද මස්ක් සිහිපත් කරනවා.