2024 ජූලි 30, පෙ.ව. 10:08
යුක්රේනය වෙත F-16 ප්රහාරක ගුවන් යානා ලැබෙන දිනය පිළිබඳ වොශිංටන් පෝස්ට් පුවත්පත පසුගිය දා අලුත් පුරෝකථනයක් පළකර තිබුණා.
ඒ අනුව තවත් සති කිහිපයක් තුළ පළමු F-16 යානා යුක්රේනය වෙත ලැබෙන බවයි එම පුවත්පත පවසන්නේ.
නෙදර්ලන්තය විසින් පළමු F-16 යානා කිහිපය යුක්රේනයට දින කිහිපයක් තුළදී ලබාදෙන බව ප්රකාශ කළ ද එය සිදුවූයේ නැහැ. F-16 යානා හැසිරවීම සඳහා යුක්රේන නියමුවන් තවම පුහුණු වී අවසන් නොවීම ඊට හේතුවක් විය හැකියි. දැනට පුහුණුව ලබන නියමුවන් කිහිපදෙනකු අගෝස්තු අවසන් වනවිට සිය පුහුණුව අවසන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අතර වොශිංටන් පෝස්ට් පුවත්පත වැඩිදුරටත් කියා සිටියේ F-16 යානා ලැබුණ ද ඒවා සටන් පෙරමුණෙන් පසුපස යෙදවෙනු ඇති බවයි. එසේ නම්, එමගින් රුසියානු ගුවන් ප්රහාර වැළකිය හැකිද යන ගැටළුව ද මතුව තිබෙනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48