hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ජූලි 16, ප.ව. 8:23



නව කොවිඩ් – 19 ආසාදන වැඩිවීම හේතුවෙන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය එහි මුඛ ආවරණ නිතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසාදන වැඩිවීම දිගටම පැවතුනහොත් සියලුම ගෘහස්ථ පොදු ස්ථානවල මුඛ ආවරණ අවශ්‍ය විය හැකි බවට අනතුරු අඟවනවා.

රෝහල්ගතවීම මත පදනම්ව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් නිර්මාණය කරන ලද මාර්ගෝපදේශ උපුටා දක්වමින් ලොස් ඇන්ජලීස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නව රෝගීන් 8,535ක් සහ මරණ 14ක් වාර්තා කිරීමෙන් පසු ප්‍රාන්තයේ වසංගත අවදානම් මට්ටම ‘මධ්‍යම’ සිට ‘ඉහළ’ දක්වා වැඩිකර තිබෙනවා