2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:22
ස්ලොවැකියාවේ අගමැති රොබර්ට් ෆිට්සෝ ඊයේ රුසියාවේ සංචාරය කරමින් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හමුවුණා.
යුක්‍රේනය විසින් රුසියානු ස්වභාවික වායූන් තම රට හරහා ප්‍රවාහනය කිරීම නවතා දැමීමට තීරණය කර තිබීම පිළිබඳ ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.
ෆිට්සෝ මීට පෙර මෙම තීරණය විවේචනය කර තිබූ අතර තම රටට වසරකට මෙම තීරණය හේතුවෙන් යූරෝ මිලියන 500 ක පමණ පාඩුවක් සිදුවන බව සඳහන් කර තිබුණා.
එමෙන්ම ෆිට්සෝ චෝදනා කළේ රුසියානුවන්ට අයත්ව තිබී අවහිර කරන ලද, බටහිර රටවල දේපළවලින් ලැබෙන ආදායමෙන් එම පාඩුව පියවිය හැකි යයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තමන්ට පැවසූ බවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24