2024 අගෝස්තු 09, ප.ව. 7:37
යුක්‍රේන හමුදා විසින් රුසියාවේ කුර්ස්ක් පළාත වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ පවතින සටන් මේ වන විට තෙවන දිනටත් ක්‍රියාත්මකයි.
අගෝස්තු 6 වනදා උදෑසන එම ප්‍රදේශයට යුක්‍රේන හමුදා ප්‍රහාරයක් එල්ල වූ අතර අද උදෑසන වනවිට ද සුද්ජා සහ කරන්‍යෝව දිස්ත්‍රික්ක දෙකෙහි සටන් පැවති බව වාර්තා වුණා.
යුක්‍රේන හමුදා හය දහසක පමණ ජනගහනයකින් යුක්ත සුද්ජා නගරය අසළට පැමිණ තිබුණ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටියේ එම නගරය සඳහා ද සටන් ඇරඹී ඇති බවයි.
මේ අතර රුසියානුවන් විසින් ප්‍රදේශයට අතිරේක හමුදා මෙන්ම වැග්නර් සටන්කාමීන් ද එවා ඇති බව වාර්තා වුණා. එමෙන්ම යුක්‍රේන හමුදා පසුබැසීම අරඹා ඇති බව රුසියාව කියා සිටියා.
2025 නොවැම්‍බර් 11, ප.ව. 5:08
2025 නොවැම්‍බර් 11, ප.ව. 4:56
2025 නොවැම්‍බර් 10, ප.ව. 10:59
2025 නොවැම්‍බර් 05, පෙ.ව. 8:49
2025 නොවැම්‍බර් 03, ප.ව. 12:59