hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:27



චීනයේ හිටපු අගමැතිවරයකු වූ ලී කෙකියාංග් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව එරට ෂින්හුවා පුවත් සේවය වාර්තා කළා.

මියයනවිට 68 වන වියෙහි පසුවූ කෙකියාංග් 2013 සිට මෙම වසරේ මාර්තු දක්වා එරට අගමැති ලෙස කටයුතු කළා. සිය​ ධුර කාලය තුළ ඔහුගේ වැදගත්ම අවධානය යොමු කෙරුණේ චීන ආර්ථිකය පිළිබඳවයි.

ෂැංහයි නගරයෙහි විවේක සුවයෙන් සිටියදී ඔක්තෝබර් 26 සන්ධ්‍යාවේ හදිසි හෘදයාබාධයක් මතුවූ පසු කෙකියාංග් හදිසි ප්‍රතිකාර සඳහා යොමුකෙරුණ බවත්, එනමුත් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි දහයකට පසු ඔහු මියගිය බවත් ෂින්හුවා පුවත් සේවය සඳහන් කළා.

දස වසරක් අගමැති ධුරයෙහි කටයුතු කළ කෙකියාංග් මෙම වසරේ මාර්තුවේ විශ්‍රාම ගත් අතර ලී චියාංග් එම ධුරයට පත්වුණා.