hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 7:55



ප්‍රංශ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඊයේ රාත්‍රියේ සම්මත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 288 දෙනකුගේ අනුමැතිය ඊට අවශ්‍ය වූ අතර මන්ත්‍රීන් 331 ක අනුමැතිය එම විශ්වාසභංගය සඳහා ලැබී තිබුණා.

පසුගියදා අගමැති මිශෙල් බර්නියේ විසින් පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කරගැනීමට කටයුතු කිරීම මෙම විශ්වාසභංගයට හේතුව වුණා.

පාර්ලිමේන්තු බහුතරයක් නොමැති හෙයින් බර්නියේ මෙම පියවර ගත්තේ ව්‍යවස්ථාවේ ඇති විශේෂ විධිවිධාන භාවිතා කරමින්. නමුත් එහිදී විශ්වාසභංග යෝජනාවක් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ අතර පාර්ලිමේන්තුවේ වාමාංශික සහ අන්ත දක්ෂිනාංශික කඳවුරු දෙකම එයට පක්ෂ වූයෙන් එය ජයග්‍රහණය කළා.

මේ අතර ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අද ජාතිය ඇමතීමට නියමිත බව වාර්තා වනවා.