2024 ජූනි 10, පෙ.ව. 1:20
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහමැතිවරණයක් කැඳවා තිබෙනවා.
එයට හේතු වී ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ සියයට 40 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි පෙන්නුම් කිරීමයි. මැක්රොන්ගේ පක්ෂය ලබාගෙන ඇත්තේ එයින් අඩකටත් අඩු ඡන්ද සංඛ්‍යාවක් බවයි මූලික ගණන් කිරීම් අනුව පෙන්නුම් කර තිබෙන්නේ.
අන්ත දක්ෂිනාංශයේ නැගීම ප්‍රංශය තුළ මෙන්ම යුරෝපයේ අන් රටවලත් සිදුව ඇතැයි කියා සිටි මැක්රොන් එම තත්ත්වය එතරම් යහපත් නැති බව ප්‍රකාශ කළා. එමෙන්ම ප්‍රංශය මුහුණදෙන බාහිර තර්ජන, දේශගුණික විපර්යාසය සහ රටේ එක්සත්භාවයට එල්ල වන අභියෝග පිළිබඳව අලුතින් සාකච්ඡාවක් කළ යුතුව ඇති බව ද ඔහු කියා සිටියා.
මීළඟ ප්‍රංශ මහමැතිවරණය ජූනි 30 වනදා පැවැත්වෙන අතර එහි දෙවැනි වටය ජූලි 7 වනදා පවත්වන්නට නියමිතව තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24