2024 පෙබරවාරි 29, ප.ව. 8:26
ගාසා නගරයට පැමිණි මානුෂීය ආධාර ලොරි වෙත විශාල පිරිසක් පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ සිදුවූ නොසන්සුන් තත්ත්වයකදී සියයකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වනවා.
හමාස් සංවිධානය පවසන්නේ මියගිය සංඛ්‍යාව 107 දෙනකු වන බවයි. එමෙන්ම එම මරණවලට හේතුව ඊශ්‍රායල හමුදා එම පිරිස් දෙසට වෙඩි තැබීම සහ ඉන් අනතුරුව ඇතිවූ කලබලය බවයි ඔවුන් චෝදනා කරන්නේ.
ඊශ්‍රායල හමුදා පවසන්නේ තත්ත්වය පාලනය කිරීමට තමන් උත්සාහ කළ බව සහ වැඩි පිරිසක් මියගියේ පිරිස එකතු වනවිට සිදුවූ තදබදයෙන් බවයි.
මේ අතර ඇතැම් ට්‍රක් රථවලට තුවක්කු කරුවන් විසින් පහර දී ඒවා කොල්ල කෑ බවත් ඊශ්‍රායලය පවසනවා.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48