hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 27, ප.ව. 8:45



හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සඳුදා දිනය වනවිට ඇතිවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විශ්වාසය පළකළා.

ඔහු සඳහන් කළේ හමාස් සංවිධානය දින 40 ක සටන් විරාමයක් සඳහා කැමැත්ත පළ කරනු ඇතැයි විශ්වාසය පළව ඇති බවයි.

එම සටන් විරාමය අතරවාරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඊශ්‍රායලය මින් පෙර සඳහන් කර තිබුණේ හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් රාමසාන් උපවාස සමය ඇරඹීමට පෙර නිදහස් නොකරන ලද්දේ නම් රෆා නගරය වෙත ගොඩබිම් මෙහෙයුම් අරඹන බවයි.

රෆා නගරය ගාසා තීරයේ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ එකම ප්‍රධාන නගරයයි. ගාසා නගරයේ හා ඛාන් යුනිස් හි තවමත් දෙපාර්ශවය අතර සටන් පවතිනවා.