2025 ජනවාරි 19, ප.ව. 7:02
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවය අවසන් මොහොතේ සිදුවූ පැය තුනක පමණ ප්‍රමාදයකින් අනතුරුව ක්‍රියාවට නැගී තිබෙනවා.
මෙම ප්‍රමාදයට හේතුව ලෙස ඊශ්‍රායලය විසින් දක්වා තිබුණේ පළමු දිනයේ හමාස් සංවිධානය විසින් නිදහස් කෙරෙන ප්‍රාණ ඇපකරුවන් තිදෙනාගේ නම් ඊශ්‍රායලය වෙත ලබා නොදීමයි. කෙසේ වෙතත් පසුව එම නම් තුන ඊශ්‍රායලයට ලැබුණ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.
මේ අනුව ඉරිදා සවස 4 ට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙන අතර ඒ වෙනුවට ඊශ්‍රායලය විසින් පලස්තීන කාන්තා රැඳවියන් 90 දෙනකු නිදහස් කෙරෙනු ඇති.
සටන් විරාම ගිවිසුම අනුව මුල් දිනයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනකු නිදහස් කෙරෙන අතර හත්වන දිනයේ සිව් දෙනකු නිදහස් කිරීමට නියමිතයි. තවත් 26 දෙනෙක් මීළඟ සති හය තුළ නිදහස් කෙරෙනු ඇති.
මෙම එකඟතාවය පිළිබඳ ඊශ්‍රායල ආණ්ඩුවේ ඇතැම් කොටස් නොසතුටින් පසුවනවා. මුදල් ඇමති බෙසලෙල් ස්මොත්‍රිශ් කියා සිටින්නේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරන බවයි. ගාසා තීරය අත්පත් කරගෙන මිලිටරි පාලනය එහි ස්ථාපිත කළ යුතු යයි ඔහු අවධාරණය කරනවා.
2025 පෙබරවාරි 13, පෙ.ව. 7:57
2025 පෙබරවාරි 12, ප.ව. 11:57
2025 පෙබරවාරි 12, ප.ව. 10:51
2025 පෙබරවාරි 12, ප.ව. 10:40
2025 පෙබරවාරි 12, පෙ.ව. 9:48