hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:44



ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි රෝහල වෙත ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් වෛද්‍යවරුන්, රෝගීන්, ළමුන් ඇතුළු 500 ක් දෙනා මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.

දකුණු ගාසා ප්‍රදේශයට ගමන් කළ නොහැකිව විශාල පිරිසක් මෙම රෝහල අසළ රැඳී සිටි බවයි වාර්තා වන්නේ. රෝහලක් වන හෙයින් එම ස්ථානයට ප්‍රහාර එල්ල නොවනු ඇතැයි ජනතාව විශ්වාසය පළකර තිබුණා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළාදැක තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බදාදා දිනයේ ඊශ්‍රායලය වෙත පැමිණීමට නියමිත අතර ඊශ්‍රායලයට ලැබෙන ඇමරිකානු සහය හේතුවෙන් ඔහු වෙත එල්ල වන විවේචන ද මේ සමග ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාව මේ දක්වා මෙම ප්‍රහාරය හෙළා දැකීමට ක්‍රියා කර නැහැ.