/** * Prevent huge queries on the WordPress Pages admin screen. */ add_action( 'pre_get_posts', function ( $query ) { // Admin area only. if ( ! is_admin() ) { return; } // Only affect the main WordPress admin list query. if ( ! $query->is_main_query() ) { return; } global $pagenow; // Only wp-admin/edit.php. if ( $pagenow !== 'edit.php' ) { return; } // Only the Pages screen. $post_type = isset( $_GET['post_type'] ) ? sanitize_key( $_GET['post_type'] ) : 'post'; if ( $post_type !== 'page' ) { return; } // Hard limit the admin page list. $query->set( 'posts_per_page', 20 ); }, 999 ); /** * Emergency protection against unbounded admin content queries. */ add_filter( 'posts_request', function ( $sql, $query ) { if ( ! is_admin() ) { return $sql; } // Do not interfere with already-limited queries. if ( stripos( $sql, ' LIMIT ' ) !== false ) { return $sql; } // Target the problematic post/page/attachment query pattern. if ( stripos( $sql, 'post_type' ) !== false && stripos( $sql, "'post'" ) !== false && stripos( $sql, "'page'" ) !== false && stripos( $sql, "'attachment'" ) !== false && stripos( $sql, 'ORDER BY' ) !== false && stripos( $sql, 'post_date' ) !== false ) { $sql .= ' LIMIT 100'; } return $sql; }, 9999, 2 ); ජර්මන් මහමැතිවරණය පෙබරවාරි 23 වනදා

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2024 නොවැම්‍බර් 13, පෙ.ව. 9:06



ජර්මනියේ මීළඟ මහමැතිවරණය 2025 පෙබරවාරි 23 වනදා පැවැත්වීමට ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය එකඟතාව පළකර තිබෙනවා.

එරට සභාග ආණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව නව මැතිවරණයක් කැඳවීමට සිදුවන තත්ත්වයක් මතුවුණා. චාන්සලර් ඔලාෆ් ශොල්ට්ස් බලාපොරොත්තු වූයේ ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේ විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සඳහා ඡන්දය විමසීමටයි. එම අවස්ථාවෙ එම යෝජනාව පරජය වූයේ නම් මාර්තුවේ මැතිවරණය කැඳවීමට සිදුවනවා.

කෙසේ වෙතත් විපක්ෂය ඊට වඩා කඩිනමින් විශ්වාසය පළකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කළා. ඒ අනුව දෙපාර්ශවය දෙසැම්බර් 16 වනදා විශ්වාසය පළකිරීමේ යෝජනාව සඳහා ඡන්දය විමසීමට දින නියම කර තිබෙනවා. මෙම යෝජනාවෙන් ආණ්ඩුව පරාජය වේ යයි අපේක්ෂා කෙරෙන අතර එවිට මැතිවරණයක් කැඳවීමට සිදුවනවා.

මෙවර මහමැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය වන ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව (Christian Democratic Union) සහ ක්‍රිස්තියානි සමාජ එකමුතුව (Christian Social Union) සන්ධානය විශාලම තනි කණ්ඩායම ලෙස මතුවේ යයි අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට පාර්ලිමේන්තු බහුතරයක් හිමිවීමේ ඉඩකඩ ඉතා අවමයි. පාලක සන්ධානය නියෝජනය කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය​, හරිත පක්ෂය සහ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කරනු ලබන අතර අන්ත ජාතිකවාදී ජර්මනිය සඳහා විකල්පය පක්ෂය මෙන්ම වාම ජාතිකවාදී සාරා වාගනෙක්ට් පෙරමුණ ද සැලකිය යුතු ආසන ප්‍රමාණයක් ලබාගනු ඇතැයි විශ්වාසය පළවී තිබෙනවා.