2025 නොවැම්බර් 27, පෙ.ව. 12:24
බටහිර අප්‍රිකාවේ ගිනි බිසව් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුව තිබෙනවා. නොවැම්බර් 26 වනදා දහවල් එරට අගනුවර බිසව් හි වෙඩි හඬ නැගුණ අතර ඉන්පසු එරට පාලනය සියතට ගත් බව හමුදා නිලධාරීන් පිරිසක් නිවේදනය කළා.
ගිනි බිසව් හි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නොබෝදා පැවති අතර ඒවායේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව තිබුණේ බ්‍රහස්පතින් දා (27) යි. ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති උමාරෝ සිසෝසෝ එම්බාලා සහ ෆර්නැන්ඩෝ දියෙස් යන දෙදෙනාම ජයග්‍රහණය ප්‍රකාශ කිරීමත් සමග දේශපාලන ආරවුලක ලකුණු මතුවී තිබුණා.
බලය අල්ලාගත් හමුදා කණ්ඩායමේ නිලධාරියකු චෝදනා කළේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ලබාදීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට මත් ජාවාරම්කරුවන්ගේ ද ආධාර සහිතව රහසිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බවයි.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43