hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 මාර්තු 12, ප.ව. 1:28



හයිටියේ අගමැති අරියෙල් ඔන්රි සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරනවා. ඔහු පවසන්නේ අන්තර්වාර කවුන්සිලයකට බලය පවරමින් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවයි. එමෙන්ම සාමකාමී බල හුවමාරුවකට අවස්ථාව දෙන ලෙස හයිටි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටියා.

හයිටියේ සන්නද්ධ කල්ලි විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඔන්රි මෙසේ ඉල්ලා අස්ව තිබෙනවා. මෑතකදී කෙන්යාවේ සංචාරයක යෙදුණු ඔහුට ආපසු පැමිණීමට නොහැකිව පුවර්ටෝ රිකෝ හි රැඳී සිටිනවා. මේ අතර පෝර්ටෝ ප්‍රින්ස් අගනුවර තත්ත්වය ඉතා අයහපත්ව ඇති අතර ආණ්ඩුවේ කාර්යාල සහ පොලිසිවලට ද මෑතකදී ප්‍රහාර එල්ල වුණා.