2024 මැයි 06, ප.ව. 11:54
හමාස් සංවිධානය විසින් මේ වනවිට ඉදිරිපත්ව ඇති සටන් විරාම යෝජනා පිළිගන්නා බව නිල වශයෙන් දන්වා තිබෙනවා.
මෙම නිවේදනය ඔවුන් විසින් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් සිවිල් වැසියන්ට ගාසා තීරයේ රෆා නගරයෙන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීමෙන් ස්වල්ප වෙලාවක් තුළයි.
කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර හමාස් සංවිධානය දන්වා තිබුණේ තමන් සටන් විරාම යෝජනාව පිළිබඳ ධනාත්මක ලෙස බලන බවයි.
මෙම සටන් විරාම යෝජනාවෙහි අඩංගු කරුණු මොනවාදැයි නිශ්චිතව හෙළි කර නැහැ. හමාස් ව්‍යාපාරය මීට පෙර කියා සිටි කරුණ වූයේ සටන් විරාමය තාවකාලික එකක් නොව ස්ථිරසාර විය යුතු බවයි. නමුත් ඊශ්‍රායලය ඊට කිසිවිටෙකත් එකඟ වූයේ නැහැ.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29