hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 6:48



ඊශ්‍රායල හමුදාවේ නිලධාරියකු වන නිම්රොඩ් අලෝනි හමාස් සංවිධානය භාරයට පත්වූ බව එම සංවිධානය නිවේදනය කර තිබෙනවා.

ඔහු කලක් ගාසා ඩිවිෂනයේ අණදෙන නිලධාරියා ලෙස ද කටයුතු කළ අයෙක්.

ඊශ්‍රායලය මෙම සිදුවීම තහවුරු කර නැහැ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සත්‍යයක් නම් එය හමාස් ප්‍රහාරයේදී ඔවුන් ලද විශාල ජයග්‍රහණයක් වනු ඇති.

මේ අතර ඊශ්‍රායලය වෙත දහසක පමණ හමාස් භටයින් පිරිසක් කඩාවැදී ඇතැයි එරට බලධාරීන් අනුමාන කරනවා. හමාස් භාරයට පත්වූ ප්‍රදේශ නැවත අල්ලාගැනීමට සටන් මේ වනවිට සිදුවනවා.

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 40 දෙනකු මියගොස් 750 ක් තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලය පවසනවා.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක ගණනාවකට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර එහිදී ගාසා වැසියන් 160 ක් මියගොස් 1,000 ක් පමණ තුවාල ලබා ඇතැයි ගාසා බලධාරීන් පැවසුවා.