hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 02, ප.ව. 11:21



මෑතකදී ලැබුන සටන් විරාම යෝජනා පිළිබඳව ධනාත්මකව සලකා බලන බවත් වැඩිදුර සාකච්ඡා සඳහා දූත කණ්ඩායමක් ඊජිප්තුවට යවන බවත් හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා කෙරෙන උත්සාහය දැන් සති ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මකව තිබෙනවා. මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා නගරය වෙත හමුදා යැවීම පිළිබඳ තීරණය ගැනීමට ද අවකාශය තිබෙනවා. සටන් විරාමයක් ක්‍රියාවට නැංවීම සඳහා නැවත උත්සාහයක් ගන්නා ලද්දේ ද ඒ අතරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද නොබෝදා කලාපයේ සංචාරය කළා. රෆා වෙත ගොඩබිම් හමුදා නොයවන ලෙස ඇමරිකාව ද ඊශ්‍රායලයට දන්වා තිබෙනවා.