hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 8:10



ඊශ්‍රායලය විසින් ගෙනෙන ලද සටන් විරාම යෝජනා හමාස් සංවිධානය විසින් ප්‍රතික් ෂේප කර ඇතැයි වාර්තා වනවා.

හමාස් සංවිධානය පවසන්නේ සටන් විරාම පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර ගාසා තීරයට එල්ලවන ප්‍රහාර නවත්වා දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය එවන් කොන්දේසියකට එකඟ බවක් පෙනෙන්නේ නැහැ.

ඊශ්‍රායලය මීට ප්‍රථමයෙන් සතියක සටන් විරාමයක් පිළිබඳ යෝජනා කර තිබූ බව වාර්තා වුණා. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නායක ඉස්මයෙල් හනියේ ඊජිප්තුවට පැමිණියා. කෙසේ වෙතත් හමාස් ස්ථාවරය හමුවේ සටන් විරාමයක් ඇතිවීමේ හැකියාව තවත් අඩු වී ඇති බවක් පෙනී යනවා.