hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 10:11



තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ඉතිරිව සිටින කිසිදු ප්‍රාණ​ඇපකරුවකු පණපිටින් ගාසා තීරයෙන් පිටව නොයනු ඇති බව හමාස් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ ප්‍රකාශක අබු ඔබෙයිදා කියා සිටින්නේ සිරකරුවන් හුවමාරුවක් සහ අනෙකුත් මානුෂීය ආධාර පිළිබඳ සාකච්ඡා නොකරන්නේ නම් කිසිදු ප්‍රාණ​ඇපකරුවකු සොයාගැනීමට ඊශ්‍රායලයට නොහැකි වනු ඇති බවයි.

හමාස් සංවිධානය භාරයේ තවදුරටත් ප්‍රාණ​ඇපකරුවන් සියයකට වඩා සිටින බව විශ්වාස කෙරෙනවා.